නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා
කඩුවෙල මහමෙව්නාව අසපුවෙහි අසිරිමත් රහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා
ගෞතම බුදු සසුන සෝභමාන කරමින් මිහිපත වැඩසිටි ආශ්චර්යවත් වූ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා…
පොල්ගහවෙල මහමෙව්නාව අසපුවෙහි සුපිහිටි
සිරි ගෞතම සම්බුද්ධ රාජමාළිගයෙහි අරහන්තක පිළිම වහන්සේලා
සාරිපුත්ත මහරහතන් වහන්සේ
අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩ සිටි ධර්ම සේනාධිපති මෙන් ම ප්‍රඥාවන්ත භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය දැරූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.
මහා කස්සප මහරහතන් වහන්සේ
ගෞතම සම්බුදු සසුනෙහි තෘතීය ශ්‍රාවක වූ සීල ධුත ගුණයෙන් අග්‍ර වූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.
මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
ගෞතම බුදු සසුන සෝභමාන කරමින් වැඩසිටි, ඉර්ධිබල භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.
ආනන්ද මහරහතන් වහන්සේ
අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩසිටි අප භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල බඳු සිහිනුවණින් සහ උපස්ථානයෙන් අග්‍ර වූ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ.
~ මිහිඳු මහරහතන් වහන්සේ ~
අපගේ මාතෘ භූමියට අනුබුදු කෙනෙකුන් බඳු, ලංකාදීපපසාදක වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේව සිහිකරමින් පොල්ගහවෙල අසපු මූලස්ථානයෙහි වැඩහිඳිනා ඉතා මනරම් ප්‍රතිමා වහන්සේ.
මාලඹේ පිට්ටුගල බුදු පසේබුදු අරහන්තක මහා විහාරය
අපගේ සම්මා සම්බුදු රජාණණ් වහන්සේ සහ සත්බුදු රජාණන් වහන්සේලා උදෙසාත්, පසේ බුදු රජාණන් වහන්සේලා උදෙසාත්, රහතන් වහන්සේලා උදෙසාත් ඉදිකළ මනරම් විහාර මන්දිරය.
අසූ මහා ශ්රාවකයින් වහන්සේලා
සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑ ගර්භයෙහි වඩාහිඳුවා ඇති අසූ මහා ශ්රාවකයින් වහන්සේලාගේ ඡායාරූප කිහිපයකි..




















































































