අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා පිදුන
සිරි ගෞතම සිරිපා මහා විහාරය
ශ‍්‍රී ලංකා මාතාවගේ මිණි කිරුළ බඳු වූ සමනොළ ගිරිහිස සුපිහිටි අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් වාම ශ‍්‍රී පාද පද්මය සිහිපත් කරවමින් ඉන්දියාවේ හිමාල ප‍්‍රදේශයෙන් හමු වූ නීල වර්ණ මාණික්‍යමය පාෂාණයක් මත පිහිටුවාලූ ජීවමාන ලෙසින් දිස්වන සිරිපා අනුරුව සහ වසර දෙදහස් ගණනක් ඉපැරණි සෑ රජාණන් වහන්සේ නමකගේ කැණීම්වලදී හමුවූ සිරිපා සලකුණු සහිත මංජුසාවක තැන්පත් ව තිබූ උතුම් ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ලද, කඩුවෙල, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින් බිමේ සිරි ගෞතම සිරිපා මහා විහාරය යි මේ.
ඉතා සොඳුරු විහාර මන්දිරය
සිරිපා විහාරයේ එක් පසෙකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ යන මහරහතන් වහන්සේලා උදෙසා තැනවූ මනරම් අරහන්තක මණ්ඩපයත් සිරිපා මහා විහාරයට අධිගෘහිතව වැඩ වෙසන සෝවාන් මගඵලලාභී ආර්ය ශ‍්‍රාවක ශ‍්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනු පිණිස තැනවූ දේව මන්දිරයත් පිහිටා ඇත.
ඉතා මනරම් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ
"අපගේ සම්බුදු සසුනෙහි වැඩසිටි
උතුම් රහතන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා"
ගෞතම බුදු සසුන සෝභමාන කරමින් මිහිපත වැඩසිටි ආශ්චර්යවත් වූ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා…
කඩුවෙල මහමෙව්නාව අසපුවෙහි සුපිහිටි
අසිරිමත් බෝධි මණ්ඩපය...





























